Search

ගිලන්රථ ධාවනය වාර්තාගත ලෙස ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිලන්රථ ධාවනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සුවිශේෂී සමීක්ෂණයක දත්ත මගින් අනාවරණය කර තිබෙනවා.

ගිලන් රථ ධාවනය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර පසුගිය මාර්තු කාර්තුවේදී ප්‍රාන්තයේ රෝගීන්ගෙන් සියයට 45.5ක් පමණ රෝහලට ගෙන යාමට පෙර මිනිත්තු 30 කට වඩා වැඩි කාලයක් ගත කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම අගය ක්වීන්ස්ලන්තයේ පෙර පැවති ඉහළම අගය වන සියයට 45 ඉක්මවා යාම විශේෂත්වයක්.

ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය ෂැනන් ෆෙන්ටිමන් පැවසුවේ හදිසි ප්‍රතිකාර අංශයේ ඉල්ලීම් සියයට 5.7 කින් ඉහළ ගොස් ඇති අතර එය වාර්තාගත ඉල්ලුමක් වූ බැවින් මෙම වැඩිවීමට එය හේතු වූ බවයි.

විශේෂයෙන් ජනවාරි සහ පෙබරවාරි ඇතුලුව පසුගිය මාස කිහිපය තුළ ගංවතුර, සුළි කුණාටු සහ තාප තරංග මෙන්ම උණ වැඩිවීමෙන් සෞඛ්‍ය අංශ දැඩි පීඩනයකට ලක්වූ බවයි ඇමතිවරිය පෙන්වා දුන්නේ.

පසුගිය 2023 වසරේ ජූනි මාසයේදී ගිලන්රථ ධාවනය සියයට 43ක් වූ අවස්ථාවේ අමාත්‍යවරිය මාධ්‍ය වෙත පැවසුවේ එම අනුපාතය සියයට 28 දක්වා අඩු කිරීම ඇගේ ඉලක්කය බවයි.

ක්වීන්ස්ලන්ත ගිලන්රථ සේවාවට ප්‍රාන්ත රජය විසින් ගෙවීම් සිදු කරන බැවින් රෝගීන් සඳහා නොමිලේ සේවාව ලබා දෙන අතර ඊට සමස්ත ඔස්ට්‍රේලියාවෙන් ම හොඳම ප්‍රතිචාර ලැබී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »