Search

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

 

මෙසෙල සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නාමයන් භාවිත කළ පිරිමි සිසුන්ගේ ක්‍රියාවන් වික්ටෝරියානු අගමැති විසින් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

එම පාසලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස සිසුන්ගේ ඡායාරූප වලට අනුවර්ත නම් යොදා පණිවුඩ හුවමාරු කර ඇති බව හෙළිව තිබෙනවා.

 

අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් මෙම සිද්ධිය හැඳින්වූයේ නින්දාසහගත ක්‍රියාවක් ලෙසටයි

 

කාන්තාවන්ට ගරු කිරීම,සෑම පන්ති කාමරයකම, සෑම නිවසකම ප්‍රජාවේ සෑම කොටසකම ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු අංශයක් බවයි අග්‍රාමාත්‍ය වරිය අවදාරණය කළේ.

 

පාසැල් මට්ටමේ සිට කාන්තාවන්ට ගරු කිරීම ප්‍රගුණ කළ යුතු අතර එසේ නොවන්නේ නම් මෙම පරපුර ද අනාගතයේ දී ගෘහස්ත ප්‍රචන්ඩත්වයට ගොදුරු වන බව විචාරකයින් පෙන්වා දෙනවා.

 

මෙලෙස හිංසනයට පත් සිසුවියන් 40 දෙනාගේ දෙමාපියන් මේ සම්බන්ධ සාධාරණයක් ඉටු කර දෙන මෙන් පාසැල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »