
සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ස්ථානයට පැමිණි ගිලන් රථ වෛද්‍යවරු නිලධාරියාගේ තුවාලවලට ප්‍රතිකාර කර සෙන්ට් වින්සන්ට්ස් රෝහලට ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පස්වරු 1.30ට පමණ සිදුවූ පිහි ඇනුම සම්බන්ධයෙන් 33 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එලිසබෙත් වීදියේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර මහජනතාවට කිසිදු තර්ජනයක් නොමැති බවටයි පොලිසිය තහවුරු කර ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි.

මෙම සිදුවීමත් සමග ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.
40 හැවිරිදි ජොයෙල් කවුචි විසින් බොන්ඩායි ජන්ෂන්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයේදී පිහියකින් පහරදී පුද්ගලයන් හය දෙනෙකු ඝාතනය කර මාසයකට මඳක් වැඩි කාලයකට පසුවයි මෙම පිහි ඇනුම වාර්තා වී ඇත්තේ.
එම සිදුවීමෙන් දින කිහිපයකට පසු, සිඩ්නි උප නගරයක් වන වේක්ලි හි දේවස්ථානයක සජීවී දේව මෙහෙයක් අතර බිෂොප්වරයෙකුට පිහියෙන් අනිනු ලැබූ 16 හැවිරිදි පිරිමි ළමයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.