වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

 

වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා මුදල් හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට පෙර ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් කරන ලෙසයි අමාත්‍යංශය ජනතාවට අනතුරු අඟවා ඇත්තේ.

 

විශේෂයෙන් වීසා ලබා දීමට බව පවසන ව්‍යාජ කෙටි පණිවුඩ සහ ඊමේල් පණිවුඩයන්ට ප්‍රතිකාර දැක්වීම හෝ ලබා දෙන ලින්ක් වෙත ප්‍රවේශ වීමට පෙර ඒ පිළිබඳ දැනුවත් වන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.

 

ඔස්ට්‍රේලියානු රජයේ නිල ලාංඡන භාවිත කරමින් බොහෝ පිරිසක් ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නියෝජිත ආයතන සියල්ලම ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නියෝජිතයින් ලියාපදිංචි කිරීමේ අධිකාරියේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර ඒ පිළිබඳ ප්‍රථමයෙන් විමසා දැනගැනීම අනිවාර්ය වනු ඇති.

 

ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට පිළිගත් රජයේ ආයතනයක් හා එක්වීම අනිවාර්‍ය බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති අතර වීසා වංචාවලින් ආරක්ෂාවීම සඳහා පුද්ගලයින් සැමවිට නිල ගිණුම් සමග  සම්බන්ධවීමට ද උපදෙස් ලබා දෙනවා.

 

පිළිගත් සංචාරක නියෝජිතයන්, ඔස්ට්‍රේලියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථාන, හෝ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම තමන් අයත් රටවල තානාපති කාර්යාල වැනි ඔස්ට්‍රේලියානු රජයේ නිල ආයතන සමඟ පමණක් සම්බන්ධ වීම වැදගත්.

 

වීසා ලබාදෙන මුවාවෙන් සිදුවිය හැකි වංචා අවම කිරීමට එමගින් හැකිවනු ඇති බවයි ඔස්ට්‍රේලියා රජය අවධාරණය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »