නිවසක් සොයා 4000km ගිය ඔස්ට්‍රේලියානු දරුවන් 6 දෙනා

නිවසක් නොමැතිව කිලෝ මීටර් 4000ක් පමණ නිවසක් සොයා ගිය පවුලක් පිළිබඳ තොරතුරු ටස්මේනියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

තනි මවක් සිය දරුවන් 6 දෙනා සමග නිවසක් නොමැතිකම හේතුවෙන් මසකට ආසාන්න කාළයක් නොයෙක් ප්‍රදේශ වලට සංක්‍රමණය වූ බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද බාධා මතුව ඇති අතර ජීවන වියදම හමුවේ දැරිය හැකි මිල ගණන් යටතේ නිවසක් ලබා ගැනීමට නොහැකි වීම මීට හේතුවයි.

මෙම පවුල් මීට පෙර ටස්මේනියාවේ කුලි නිවාසක සිටි බවත් කුලී මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් නිවෙස් හිමියාට අයත් ගොවි පලක සිය පවුලටම වැටුප් රහිතව වැඩ කිරීමට සිදුව තිබෙනවා.

කේරි නම් මෙම කාන්තාව ස්වේච්ඡා ගිලන්රථ නිලධාරිනියක ලෙස සේවයේ නියතු අතර ඇයගේ දෙමාපියන්ද ස්නායු ආබාධයෙන් පෙලෙන බවයි සඳහන් කළේ.

නිවාස පීඩනය හේතුවෙන් මසක් පුරා කුලී නිවසක් සොයමින් අරගලයක පසුවන බව ඇය මාධ්‍යට සඳහන් කර තිබුණා.

කේරි සඳහන් කළේ මාස 8ක සිට දරුවන් පාසැල් යෑම නතර කර ඇති බවයි.

ගැලවීමේ හමුදා ශාඛාව සමඟ සම්බන්ධ වී තාවකාලික කුඩා නිදන කාමර තුනක මේ වන විට පදිංචි වී සිටින බවයි වාර්තා වන්නේ.

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »