ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමත් T20 යන්න සුදුසුකම් ලබයි

ඔස්ට්‍රේලියානු කාන්තා කන්ඩායම T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන තරඟාවලියේ තරඟ ලැයිස්තුව අද නිකුත් කර තිබුණා.

ඔස්ට්‍රේලියාව පාකිස්තානය නවසීලන්තය සහ ඉන්දියාව සමඟ තරග කිරීමට පෙර සුදුසුකම් ලැබීමේ තරඟයකට සුදානම් විය යුතුයි.

ඒ අනුව ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගය ස්කොට්ලන්තය හෝ ශ්‍රී ලංකාව සමග තරග වැදීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලානයට පෙර සියලුම කණ්ඩායම් පෙරහුරු තරග දෙකකට ක්‍රීඩා කරනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ආරම්භක තරගය ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වෙන වන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 20 වැනිදා බංග්ලාදේශයේ ඩකා හී දී හා සිල්හෙට්හී දි පැවැත්වීමට නියමිතයි

අඛණ්ඩව සිව්වැනි වරටත් ලෝක කුසලානය දිනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

 

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »