
මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
මධ්‍යම ඇෆ්ගනිස්ථානයේදී තුවක්කුකරුවන් කිහිප දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී විදේශීය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය බවයි තලේබාන් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇෆ්ගනිස්ථානයේ සිටින තුවාල ලැබූ ඔස්ට්‍රේලියානුවාට කොන්සියුලර් ආධාර සපයන බව තහවුරු කර තිබෙනවා.

ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රහාරයෙන් ස්පාඤ්ඤ ජාතිකයින් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි.
ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් වන බමියන් පළාතේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනයක් ක්‍රියාත්මක බව සඳහන්.

ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නැහැ.
තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මතීන් කානිට ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයන් ඇතුළු තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.