වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

සුප්‍රසිද්ධ ෆෝබ්ස් (Forbes) සඟරාව විසිනුයි මෙම ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත්තේ.

සිය වෘත්තීය ජීවිතය තුළ සැඳෑ සමය ගත කරමින් සිටිය ද රොනාල්ඩෝ සිව්වන වරටත් ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පළමු තැන තමන් අතු කර ගැනීම විශේෂත්වයක්.

සුප්‍රකට ගොල්ෆ් ක්‍රීඩකයෙක් වන ජෝන් රහම් මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට හිමිකම් කියනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබි පාපන්දු සමාජය වන අල් නසාර් (Al Nassr) වෙත මාරු වීමෙන් අනතුරුව පසුගිය වසරේ ද ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත්ව සිටියා.

පසුගියදා නිකුත් කරන ලද ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීමට අනුව, 39 හැවිරිදි රොනාල්ඩෝ පසුගිය මාස 12 තුළ ඩොලර් මිලියන 260ක් උපයා ඇතැයි සඳහන්.

එම ඩොලර් මිලියන 260ට අල්-නස්ර් සමාජ ශාලාවේ ගිවිසුමෙන් ඩොලර් මිලියන 200ක් සහ ක්‍රීඩාවෙන් පිටත ඉපැයීම්වලින් ඩොලර් මිලියන 60ක් ද අයත්.

දෙවන ස්ථානයේ සිටින රහම්ගේ මුළු ඉපැයීම් ඩොලර් මිලියන 218ක් ලෙස ගණනය කර තිබෙනවා.

මෙවර ලැයිස්තුවේ රොනාල්ඩෝගේ විශිෂ්ට ප්‍රතිවාදියා වන ලිඔනල් මෙසී තුන්වන ස්ථානයේ පසුවන අතර ඔහුගේ ආදායම ඩොලර් මිලියන 135ක්.

එමෙන්ම සෞදි ප්‍රෝ ලීගයට (Saudi Pro League) පිවිසීමෙන් පසු පාපන්දු ක්‍රීඩකයින් වන නේමාර් සහ කරීම් බෙන්සෙමා ද වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතරට පැමිණ තිබෙනවා.

ෆෝබ්ස් සඟරාවට අනුව පළමු වතාවට ඉහළම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනාම ඩොලර් මිලියන 100කට වඩා උපයා ඇති අතර ඔවුන්ගේ වැටුප්වල සමස්ත එකතුව ඩොලර් බිලියන 1.38ක් වනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »