නිවාස අර්බුදය විසඳන්න නව පියවර කිහිපයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස අර්බුදය විසඳීම සඳහා නව පියවර කිහිපයක් ගැනීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය නිවාස අර්බුදයකට මැදිව සිටින අතර කුලී නිවැසියන් සහ නිවාස හිමිකරුවන් පවසන්නේ ඉහළ කුලී ගාස්තු සහ දිනෙන් දින ඉහළ යන උකස් පොලී හමුවේ පීඩාවට පත්ව සිටින බවයි.

මෑත දිනවලදී, ක්වීන්ස්ලන්ත රජය දැරිය හැකි මිල සහ නිවාස සැපයුම පිළිබඳ අර්බුද විසඳීම සඳහා නිවේදන ගණනාවක් නිකුත් කර තිබුණා.

නව බැඳුම්කර යෝජනා ක්‍රම, කුලී ලංසු තැබීම තහනම් කිරීම ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන වෙනස්කම් කිහිපයකට අයත්.

කුලී අයදුම්පත් සඳහා ප්‍රමිතිගත පෝරමයක් භාවිතා කිරීමෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, දේපල වෙනස් කිරීම් සඳහා දෙපාර්ශවයටම එකඟ වීමේ නීති නිර්මාණය කිරීම, කුලී ගෙවීමට ගාස්තු රහිත විකල්පයක් ක්‍රියාත්මක කිරීම සහ ගාස්තු කඩිනමින් ලැබෙන බව සහතික කිරීම ද නව සංශෝධනවලට අයත්.

කුලී නවාතැන් ලබා ගන්නන් වෙනුවෙන් චර්යාධර්ම පද්ධතියක් පිහිටුවනු ලබන අතර එමගින් කුලීකරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂිතයි.

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »

වික්ටෝරියාවේ Gellibrandහි ඇවිදින මංතීරුවක අබිරහස් මළ සිරුරු දෙකක්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ඇවිදින මංතීරුවක තිබී හමු වූ පුද්ගල මළ සිරුරු දෙකක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »