මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

ඊයේ දහවල් පැවති මෙම පෙලපාලිය වෘත්තීය සමිති කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලැබූ එකක් වන අතර එය මෙල්බර්න්හි මූනිවැලි (Moonee Valley) තුරඟ තරඟ පිටිය ආසන්නයෙන් ආරම්භ වී තිබූ බවයි අනාවරණ වූයේ.

විරෝධතාකරුවන් ආරක්ෂක බාධක පසුකර ගොඩනැගිල්ල තුළට බලහත්කාරයෙන් ඇතුළු වූ අතර කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් එම ස්ථානයේ අගුළු දමා ආරක්ෂාව තරකර තිබුණා.

පලස්තීන හිතවාදී වෘත්තීය සමිති සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් ආරක්ෂක සීමා ඉක්මවා ගොස් පාර්ලිමේන්තු නියෝජිතයින් සහ කථිකයන්ට කෑගැසීමට පටන්ගෙන තිබෙනවා.

විරෝධතාව හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ සහ අගමැති ජසින්ටා ඇලන්ගේ ප්‍රධාන දේශන ද ප්‍රමාද වී තිබුණා.

ට්විටර් සටහනක් තබමින් ප්‍රාන්ත අගමැතිනිය ඇතැම් විරෝධතාකරුවන්ගේ සහ පෙලපාලිකරුවන්ගේ හැසිරීම හෙළා දැක තිබෙනවා.

මෙම සිදුවීම පිළිකුල් සහගත වන අතර කිසිවෙකුත් මෙම විරෝධතාකරුවන්ට බිය නොවිය යුතු බවයි ඇය අවධාරණය කළේ.

කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක බිල් ශෝර්ට්න් ද විරෝධතාකරුවන්ගේ ක්‍රියාව හෙලා දැක තිබෙනවා.

මෙම පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අවධාරණය කර ඇත්තේ ප්‍රාන්ත සහ ෆෙඩරල් ආන්ඩුව යන දෙකෙහිම කම්කරු පක්ෂ සාමාජිකයන් පලස්තීන ජනතාව සමූල ඝාතනයට ආධාර සහ අනුබල දෙමින් සිටින අතර එය හෙළා දැකිය යුතු බවයි.

ඊශ්‍රායලයට ලබාදෙන මිලිටරි හා වෙළඳ සබඳතා කපා හරින ලෙසට සහ ඊශ්‍රායල අවි නිෂ්පාදක සමාගම සමඟ ඇති හවුල්කාරිත්වය අවසන් කරන ලෙස වෘත්තීය සමිති කණ්ඩායම ෆෙඩරල් ආන්ඩුවෙන් සහ වික්ටෝරියා රජයෙන් ඉල්ලා සිටිනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »