Day: February 14, 2022

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ / පැතුම් නිස්සංකට අවවාද

ඔස්ටේ්‍රලියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී අසභ්‍ය වචන භාවිත කිරීමේ චෝදනාවට අදාලව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අවවාද කර තිබෙනවා. ඔහුට අප්‍රසාද ලකුණක්ද පිරිනැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත්තේ. මේ අතර දෙවැනි විස්සයි විස්ස තරගයේ නියමිත වේලාවට පන්දුවාර නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට විස්සක දඩයක් නියම කර තිබෙනවා. නායක දසුන් ශානක හා පැතුම් නිස්සංක යන ක්‍රීඩකයන් දෙදෙනාම මෙම චෝදනාවලට අදාලව වරද පිළිගෙන ඇති බවයි

Read More »

ශ්‍රී ලංකාවට කෑම ගන්න ඉන්දියාවෙන් ණයක් – බැසිල් ඉන්දියාවට

ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයේදී යළිත් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පැවසීය. ඒ අනුව ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීමේ ගිවිසුමකට එහිදී අත්සන් තැබීමට නියමිත බවත් හෙතෙම පවසයි. ජනතාවට අවශ්‍ය ආහාර හා අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම මුදල හිමිවන බවද ඇමතිවරයා පැවසීය. මුදල් අමාත්‍යවරයා පසුගියදා සිදු කළ ඉන්දියාවේ ඉන්දියානු සංචාරය අතිශය සාර්ථක බවත් ඇමතිවරයා පැවසීය. ඇමරිකානු ඩොලර්

Read More »

මෙල්බන් හෝටලයක රිය ගාලකදී දකුණු ආසියානුවෙකුට පහරදීමක්

මෙල්බන් හෝටලයක රිය ගාලකදී ඉන්දීය පවුලක සාමාජිකයන් පිරිසකට පහරදීමක් සිදුවී තිබෙනවා. අවුරුදු 54 ක පුද්ගලයෙකු මෙහිදී බරපතල ලෙස පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. වහාම ඔස්ටේ්‍රලියාවෙන් පිටව යන ලෙස පහරදුන් පිරිස විසින් ඔවුන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයාගේ තත්වය තරමක් අසාධ්‍ය බව සඳහන්. සිද්ධියට සම්බන්ධ 29 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. https://www.9news.com.au/national/family-assaulted-in-alleged-racist-attack-outside-lynbrook-hotel-melbourne/53c8ce9f-beee-4e0b-ab23-ae26e4779165

Read More »

වික්ටෝරියා මන්ත්‍රීනී Kaushaliya ලේබර් පක්ෂයෙන් නෙරපා හරී

පක්ෂ විනය කඩ කිරීමේ චෝදනාව මත වික්ටෝරියා මන්ත්‍රීනී Kaushaliya Vaghela පක්ෂයෙන් නෙරපා හැරීමට ලේබර් පක්ෂය තීරණය කර තිබෙනවා. පක්ෂ තීන්දුවට පටහැණිව පසුගිය සතියේදී ඡන්ද විමසුමකදී කටයුතු කිරීමයි ඇයට එරෙහි චෝදනාව වන්නේ. කෙසේවෙතත් තම හෘද සාක්ෂියට අනුව ඡන්දය ප්‍රකාශ කල බවයි ඇය පසුව නිකුත් කල නිවේදනයක දක්වා තිබුණේ. ඉන්දීය සම්භවයක් සහිත Kaushaliya Vaghela මන්ත්‍රීනිය චෝදනා කර තිබුණේ ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ ක්‍රියාකලාපයද අනුමත කල නොහැකි බවයි. https://www.theage.com.au/politics/victoria/alp-moves-to-expel-rogue-mp-kaushaliya-vaghela-20220214-p59wa0.html?utm_medium=Social&utm_source=Facebook&fbclid=IwAR2apcWZsI8Yt9Nl-0EpLRrTSOhB1cjdkTzH5qYP4QajJ8EA1b5Qj2VnlkM#Echobox=1644815003

Read More »

දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa ලැයිස්තුවට තවත් රැකියා 259 ක්

දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින අයදුම්කරුවන් විසින් යොමුකරන ලද දකුණු ඔස්ටේ්‍රලියා පුහුණු නිපුණතා ශ්‍රමික අයදුම්පත්වලින් තවත් රැකියා 259 ක් සඳහා ROI භාරගැනීම ලබන බදාදා සිට ආරම්භ වනවා. ඇඩිලේඩ් වේලාවෙන් බදාදා (16) පස්වරු 02 සිට මෙම අයදුම්පත් භාරගැනීම සිදුවනු ඇති. කෘෂිකර්ම – ඉදිකිරීම් – නිෂ්පාදන – තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව මෙවර දකුණු ඔස්ටේ්‍රලියා පුහුණූ නිපුණතා ශ්‍රමික ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා. මෙම සමස්ත රැකියා ලැයිස්තුව : https://www.migration.sa.gov.au/occupation-lists/south-australia-skilled-occupation-list

Read More »