Day: February 14, 2022

NOVAVAX

ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට නොවාවැක්ස් එන්නත

කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට නොවාවැක්ස් එන්නත ලබාගත හැකි වනවා. තෝරාගත් ෆාමසි සහ GP වරුන්ගෙන් එය ලබාගැනීමටයි අවස්ථාව සළසා දී ඇත්තේ. ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කෙරෙන පළමු ප්‍රෝටීන කොවිඩ් එන්නත වන්නේද Novavax එන්නතයි. සියයට 05 කට ආසන්න පිරිසක් දැනටමත් මෙම එන්නත ලබාගැනීමට කැමැත්තෙන් පසුවන බව සෞඛ්‍ය අංශ සඳහන් කලා. වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින් සඳහා දැඩි සත්කාර ඒකකයේදී ජීවිතක්ෂයට පත්වීමේ අවස්ථාව බූස්ටර් එන්නත ​​ලබා ගත් අයට වඩා 34 ගුණයකින්

Read More »

වසර 02 කට පසු ගෝල්ඩ් කෝස්ට් නගරයට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹෙයි

වසර 02 කට පමණ පසු ගෝල්ඩ් කෝස්ට් නගරයට ජාත්‍යන්තර ගුවන් යානා පැමිණීම ආරම්භ වී තිබෙනවා. සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයක් අද පෙරවරුවේ මෙලෙස ගොඩබස්වනු ලැබුවා. ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් රෙගුලාසි අනුව පැමිණෙන සියලු විදේශීය සංචාරකයන් එන්නත් මාත්‍රා 02 ක් අනිවාර්යයෙන් ලබා සිටිය යුතු වනවා. ඉදිරි දිනවලදී දකුණු කොරියාව – ජපානය සහ තවත් ආසියානු රටවල් කිහිපයකින් ගෝල්ඩ් කෝස්ට් වෙත ගුවන් යානා පැමිණීමටද නියමිතව තිබෙනවා. ලබන සඳුදා (21) සිට ඔස්ටේ්‍රලියානු දේශ සීමා සියල්ල විවෘත කිරීමටද නියමිතයි. https://www.9news.com.au/national/international-flights-land-in-the-gold-coast-after-almost-two-year-hiatus/2b6273cd-8fd9-4e5a-8025-7e94e217e453

Read More »

PHOTOS: චමුදිතගේ නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට අද අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයට අද අළුයම පැමිණි සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා සිටියේ. සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මේ

Read More »

අනතුරකට මුහුණදුන් ස්ටීව් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති 02 වන පන්දුවාර 20 තරගයේදී අනතුරකට මුහුණදුන් ඔස්ටේ්‍රලියා ක්‍රීඩක ස්ටීව් ස්මිත් තරගාවලියේ සෙසු තරගවලින් ඉවත් කර තිබෙනවා. හයේ පහරක් වැළැක්වීමට යාමේදී ඔහුගේ හිස බිම ගැටෙනු දක්නට ලැබුණා. ස්ටීව් ස්මිත් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඔහු පූර්ණ සුවය ලැබීමට තවත් දින 06 ක් හෝ 07 ක් ගතවනු ඇති බව සඳහන්. ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පවසන්නේ ස්ටීව් ස්මිත් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් නොකරන බවයි. ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා 03 වන් පන්දුවාර

Read More »