
වසර 02 කට පමණ පසු ගෝල්ඩ් කෝස්ට් නගරයට ජාත්‍යන්තර ගුවන් යානා පැමිණීම ආරම්භ වී තිබෙනවා.
සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයක් අද පෙරවරුවේ මෙලෙස ගොඩබස්වනු ලැබුවා.
ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් රෙගුලාසි අනුව පැමිණෙන සියලු විදේශීය සංචාරකයන් එන්නත් මාත්‍රා 02 ක් අනිවාර්යයෙන් ලබා සිටිය යුතු වනවා.

ඉදිරි දිනවලදී දකුණු කොරියාව – ජපානය සහ තවත් ආසියානු රටවල් කිහිපයකින් ගෝල්ඩ් කෝස්ට් වෙත ගුවන් යානා පැමිණීමටද නියමිතව තිබෙනවා.
ලබන සඳුදා (21) සිට ඔස්ටේ්‍රලියානු දේශ සීමා සියල්ල විවෘත කිරීමටද නියමිතයි.
