PHOTOS: චමුදිතගේ නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට අද අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයට අද අළුයම පැමිණි සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා සිටියේ.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මේ පිරිස නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවට චමුදිත සමරවික්‍රම වැඩිදුරටත් කියා සිටියා.

ඊට අමතරව තමන්ට වෙඩි ශබ්ද කීපයක් ද ඇසුණු බව ඔහු පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් වහාම පොලීසියට දැනුම් දුන් බවත් ඒ අනුව පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »