අනතුරකට මුහුණදුන් ස්ටීව් ස්මිත් සෙසු තරගවලින් ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

අනතුරකට මුහුණදුන් ස්ටීව් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

අනතුරකට මුහුණදුන් ස්ටීව් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති 02 වන පන්දුවාර 20 තරගයේදී අනතුරකට මුහුණදුන් ඔස්ටේ්‍රලියා ක්‍රීඩක ස්ටීව් ස්මිත් තරගාවලියේ සෙසු තරගවලින් ඉවත් කර තිබෙනවා.

හයේ පහරක් වැළැක්වීමට යාමේදී ඔහුගේ හිස බිම ගැටෙනු දක්නට ලැබුණා.

ස්ටීව් ස්මිත් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඔහු පූර්ණ සුවය ලැබීමට තවත් දින 06 ක් හෝ 07 ක් ගතවනු ඇති බව සඳහන්.

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පවසන්නේ ස්ටීව් ස්මිත් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් නොකරන බවයි.

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා 03 වන් පන්දුවාර 20 තරගය හෙට කැන්බරා හිදී පැවැත්වෙනවා.

තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව ඉදිරි තරග 03 ම ජය ගත යුතුයි.

COMMENTS