Day: February 14, 2022

අමෙරිකානු සමාගමක් $ බිලියන 8.9 කට “ක්‍රවුන්” මිළදී ගනී

ඔස්ටේ්‍රලියාවේ විශාලම විනෝදාත්මක සංකීර්ණය වන ක්‍රවුන් ආයතනය අමෙරිකානු සමාගමකට පැවරීමේ එකගතාවයකට පැමිණ තිබෙනවා. ඩොලර් බිලියන 8.9 ක මුදලකට එම ගණුදෙනුව සිදුකෙරෙනු ඇති. මේ අනුව ක්‍රවුන් කොටස් ලාභීන්ට එක් කොටසක් වෙනුවෙන් ඩොලර් 13.10 ක මුදලක් හිමිවන බව සඳහන්. ඔස්ටේ්‍රලියාවේ විශාලම කැසිනෝ ක්‍රියාකරු ලෙසද සැළකෙන ක්‍රවුන් සමූහය මෑතකාලීනව කිසියම් පසුබෑමකට ලක්ව සිටි බවයි වෙළඳපොල වාර්තාවල දැක්වුණේ. සේවක අයිතීන් නිසි පරිදි ලබා නොදීම මෙන්ම මත්පැන් බලපත් කොන්දේසි උල්ලංඝනය වැනි චෝදනාද ඔවුන්ට එල්ල වී තිබුණා. https://www.9news.com.au/national/crown-resorts-accepts-9-billion-takeover-bid-from-blackstone-inc/e2de4e3c-63c2-434b-8b16-2fb84e88434b

Read More »

ඊයේ වික්ටෝරියා කොවිඩ් මරණ 02 කට අඩුවෙයි

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7104 ක් හමුව ඇත. මරණ 02 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 53,707 කි. ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 14, 846 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 10,221 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (13) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 6184 ක් වාර්තා වි තිබේ. දැනට 1649 දෙනෙකු

Read More »

AusLankaTV මීලග නවමු අත්දැකීම Live Band Show 2022 ලබන සෙනසුරාදා

ඉතාම කෙටි කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර අංක එකේ නාලිකාව බවට පත්වූ AusLankaTV ඉදිරිපත් කරන මීලග නවමු අත්දැකීම ලබන සෙනසුරාදාට (19) යෙදී තිබෙනවා. AusLankaTV Live Band Show 2022, එදින මෙල්බන් වේලාවෙන් රාත්‍රී 08 සිට සියයට 100 ක් Virtual ක්‍රමයට ඔබට ලොව කොතැනක සිට වුවද නැරඹිය හැකි වනවා. ජනප්‍රිය සහ දක්ෂ කලා ශිල්පීන් රැසක් මෙහිදී ගීතවත් වීමට නියමිතයි. ඔස්ටේ්‍රලියාවේ අංක එකේ මාධ්‍ය පෙරළිකරු ලෙස සැළකෙන AusLankaTV විසින් ගෙන එන AusLankaTV Live Band Show 2022 සඳහා පාර්ශව

Read More »

බටහිර ඔස්ටේ්‍රලියාව නැවත සංචරණ සීමා පණවන ළකුණු

දෛනික ආසාධිතයන් ගණන තවත් ඉහළ ගියහොත් නැවත වරක් සංචරණ සීමා පැණවීමට සිදුවනු ඇති බවට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් අනතුරු අගවනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවයි ඔහු කියාසිටියේ. බටිහර ඔස්ටේ්‍රලියා ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය මෙන්ම ඇතැම් ස්ථාන සඳහා යාමේදී එන්නත්කරණ අවශ්‍යතා පමණක් ප්‍රාන්තය තුළ දැනට බලාත්මකයි. ප්‍රාන්තයේ පී සී ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීමේ වැදගත්කමද මාර්ක් මැක්ගෝවන් පෙන්වා දෙනවා. https://7news.com.au/news/coronavirus-wa/wa-records-38-cases-restrictions-likely-c-5678855

Read More »

වික්ටෝරියා රෝහල්වල Code Brown තත්වය අදින් අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ක්‍රියාත්මක Code Brown තත්වය අදින් අවසන් වනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් යළිත් ආරම්භ කෙරෙන බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලේ. පසුගිය ජනවාරි 19 වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තය පුරා සියලු පුද්ගලික සහ රජයේ රෝහල්වල Code Brown තත්වයක් ක්‍රියාත්මක කෙරුණේ කොවිඩ් ප්‍රතිකාර සඳහා මූලිකත්වය දීමේ අරමුණ ඇතිවයි. මේ අනුව මාතෘ හා ළමා සායන කටයුතු ද නැවත යථා තත්වයට පත් වනු ඇති. කෙසේවෙතත් ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මේ සඳහා සිටිය යුතු

Read More »