වික්ටෝරියා රෝහල්වල Code Brown තත්වය අදින් අවසන් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා රෝහල්වල Code Brown තත්වය අදින් අවසන්

වික්ටෝරියා රෝහල්වල Code Brown තත්වය අදින් අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ක්‍රියාත්මක Code Brown තත්වය අදින් අවසන් වනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් යළිත් ආරම්භ කෙරෙන බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලේ.

පසුගිය ජනවාරි 19 වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තය පුරා සියලු පුද්ගලික සහ රජයේ රෝහල්වල Code Brown තත්වයක් ක්‍රියාත්මක කෙරුණේ කොවිඩ් ප්‍රතිකාර සඳහා මූලිකත්වය දීමේ අරමුණ ඇතිවයි.

මේ අනුව මාතෘ හා ළමා සායන කටයුතු ද නැවත යථා තත්වයට පත් වනු ඇති.

කෙසේවෙතත් ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මේ සඳහා සිටිය යුතු වනවා.

COMMENTS