Search

ඇමරිකාව සම්මත කර ගත් නීතියට TikTok වෙතින් ප්‍රතිචාරයක්

ඇමරිකාව සම්මත කර ගත් පනත අනුව TikTok විකිණීමට කිසිඳු අදහසක් නොමැති බව එය අයත් චීන මව් සමාගම වන ByteDance පවසනවා.

TikTok විකිණීමට කිසිදු සැලසුමක් නොමැති බවයි සමාගම ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටූටියාඕ (Toutiao) නිල ගිණුමේ සටහන් කර ඇත්තේ.

අමෙරිකා එක්සත් ජනපදය විසින් TikTok යෙදුම ඇමරිකාවේ තහනම් කිරීමට නීතියක් සම්මත කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම සතිය මුලදී TikTok කියා සිටියේ එම ව්‍යවස්ථා විරෝධී නීතිය අධිකරණයේදී අභියෝගයට ලක් කරන බවයි.

පසුගියදා අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ද TikTok සමාජ මාධ්‍ය තහනම් කරමින් ගෙන ආ නීතියට අතසන් කළේ TikTok හේතුවෙන් චීන රජය සමඟ පරිශීලක දත්ත හුවමාරු කර ගත හැකි බවට ඇති කනස්සල්ල මතයි.

නමුත් චීන රජය සැමවිටම එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

නීති සම්මත වුව ද TikTok ඇමරිකාවේ ක්ෂණික තහනමකට මුහුණ නොදෙන අතර නව නීතිය මගින් ව්‍යාපාරය විකිණීම සඳහා ByteDance සමාගමට මාස නවයක් ලබා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »