Search

බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළට ආ දැවන්තයින්ගෙන් පිරිසක් මියයයි

බටහිර ඔස්ට්‍රේලියාවේ දකුණේ වෙරළ තීරයකට ගොඩ ගසා තිබූ තල්මසුන් 160කට වැඩි පිරිසකගෙන් 28 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් තල්මසුන් 100 කට වැඩි පිරිසක් යළි මුහුදට නිදහස් කිරීමටයි ස්වේච්ඡා සේවක කණ්ඩායම් පියවර ගෙන ඇත්තේ.

තල්මසුන් 160 දෙනෙකු පමණ ඩන්ස්බරෝ අසල ටෝබි ඉන්ලට් වෙරළේ මීටර් 500ක් පුරා ප්‍රදේශයකට ගොඩ ගසා තිබූ බව ජෛව විවිධත්ව, සංරක්ෂණ සහ ආරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම තල්මසුන් නැවත ජලයට රැගෙන යාමට දැවැන්ත උත්සාහයක් දැරීමට සිදු වී තිබූ බව සඳහන්.

මියගිය තල්මසුන් 28 දෙනා අතර කුඩා පැටවෙකු ද වනවා.

තල්මසුන් පිළිබඳ පර්යේෂක ක්‍රිස් බර්ටන් පැවසුවේ මීට පෙර කිසිදු දිනක මෙවැනි තල්මසුන් අතරමංවීමක් අත්විඳ නොමැති බවයි.

මෙම සත්වයන් වෙරළට පැමිණි හේතුව අභිරහසක් වන අතර විශේෂඥයන් පවසන්නේ එක් සත්වයෙක් අසනීප වීම නිසා හෝ ඇතැම් විට ශබ්ද බාධාවක් හේතුවෙන් එය සිදු වන්නට ඇති බවයි.

බලධාරීන් විසින් යවන ලද ස්පෝටර් යානයක් මගින් තල්මසුන් මුහුදේ මීටර් 1500 කට වඩා වැඩි දුරකදී නිරීක්ෂණය කර ඇති අතර එම සත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා අද මුර සංචාර යාත්‍රා ද යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »