ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැලැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද  රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

සංචාරක කලාප 49ක් අලුතින් සථාපිත කර ඒ හරහා සෘජු හා වක්‍ර රැකියා 50,000ක් උත්පාදනය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පින්නවල හා කිතුල්ගල කලාපය ඇතුළත් මෙම සංචාරක කලාප 38 අලුතින් ස්ථාපිත වනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ හරහා ගලිගමුව නව නගරයක් ලෙස වැඩි දියුණු කිරීමත් මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුමේ සිට සංවර්ධන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා වී තිබෙනවා.

සංචාරක කලාප සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, අදාළ ප්‍රදේශීය සභා ඇතුලු පලාත් පාලන ආයතන, කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අතර විශේෂිත සම්බන්ධීකරණ කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇතැයිද සඳහන්.

දිය ඇලි බහුතරයක් ඇති සබරගමුව ප්‍රදේශය හරහා මෙම ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම තුළින් සුලු හා මධ්‍ය පරිමාණ රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි බවත් ඒ වෙනුවෙන් කළ යුතු ප්‍රධාන කාර්ය වන්නේ මේ සම්බන්ධව ප්‍රවර්ධන කටයුතු විධිමත්ව සිදු කිරීම බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ.

සංචාරක කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කර ඇති බවත් මේ වනවිටත් ප්‍රාදේශීය සභා ඇතුලු ආයත සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් ඔහු පවසනවා.

එමෙන්ම මේ හරහා විදේශීය සංචාරකයන් පමණක් නොව දේශීය සංචාරකයන්ටද අවස්ථාව උදා කිරීම තුළින් සමස්ථ කළාපයම සංචාරක පුරවරයක් බවට පත් කළ හැකි බවයි ඔහු පවසන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »