මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර මඟ හරින බව නවතම අධ්‍යනයන දී හෙළිව තිබෙනවා.
ෆයින්ඩර් විසින් සිදුකළ අධ්‍යනයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් දෙදෙනෙක් පසුගිය මාස 12 තුළ වෛද්‍ය ප්‍රතිකාර මග හැර ඇති බවයි වාර්තා වන්නේ.
තවද ඔස්ටේ්‍රලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පසුගිය මාස 12 තුළ වෛද්‍ය ප්‍රතිකාර වෙත යෑම අවශ්‍ය වුවත් එම ප්‍රතිකාර සිතා මතා මග හැර ඇති බවයි වාර්තා වන්නේ.
ජීවන වියදම් පීඩනය හේතුවෙන් සෞඛ්‍ය ගැටළු නොසලකා හැරීමේ දැඩි තීර’ණ ගැනීමට සිදු වූ ඔස්ට්‍රේලියානුවන් මිලියන 4.17 ක් බව එම වාර්තා මගින් හෙළිව තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 7 ක් දන්ත වෛද්‍යවරයා වෙත ගොස් තම මුඛ සෞඛ්‍ය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට මැළිකමක් දක්වන බව සඳහන්.
තමන්ට හිමි රක්ෂණ පහසුකම් ගැන නිසි අවබෝධයක් නොමැති කම හේතුවෙන් ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 5ක් අවස්තාව තිබුණ ද නොදැනුවත්මක මත තව වෛද්‍ය සේවා මගහැර ඇති බවයි වාර්තා වන්නේ.
පුද්ගලයින් මෙලෙස ජීවන විටදම් අර්බුධය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් වන වෛද්‍ය සේවා මගහැරීම බරපතල තත්වයක් බව සෞඛ්‍ය සංගම් වැඩිදුරටත් අනතුරු ඇගවා තිබෙනවා.