ලොව වඩාත් ජනප්‍රියතම අවන්හලට හිමි සම්මානය සිඩ්නි අවන්හලකට

ලොව වඩාත් ජනප්‍රිය අවන්හල ලෙස සිඩ්නි හි ග්‍රවුන්ඩ්ස් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා අවන්හල පත්ව තිබෙනවා.

ඉන්ස්ටර්ග්‍රෑම් හි වඩාත්ම ජනප්‍රිය අවන්හල් 100ක් පිළිබඳ සිදුකළ අනවතම අධ්‍යනයකට අනුව ග්‍රවුන්ඩ්ස් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා මෙලෙස ප්‍රථම ස්ථානයට පත්ව තිබුණා.

අවන්හල් 100 කට අධික සංඛ්‍යාවක හැෂ් ටැග් විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යනය සිදු කර ඇති බව සඳහන්

ග්‍රවුන්ඩ්ස් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා අවන්හලේ නිර්මාණ අධ්‍යක්ෂ තෙරේසා මෝසස් සඳහන් කළේ පාරිභෝගිකයින් සඳහා වඩාත් ගුණාත්මක සේවාවක් හා ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කර තිබීම තුළින් මෙලෙස ප්‍රථම ස්ථානයට පත්වු බවයි.

දැනටමත් ඉන්ස්ටර්ග්‍රෑම් හි හැෂ් ටැග් 120 440  සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කලින් කළට මෙම අවන්හළෙහි ඇතුළත හා පිටත අලංකරණයන් වෙනස් කිරීම හේතුවෙන් මෙම අවන් හල සිඩ්නි වල පමණක් නොව දෙස් විදෙස් සංචාරකයින් අතර ද ප්‍රසිද්ධත්වයට පත්ව තිබෙනවා

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »