ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

දකුණු ඉන්දීය නගරයක් වන බැංගලෝර්හි බොහෝ සමාගම් ඉන්දියාවේ මහ මැතිවරණයට ඡන්දය දෙන පුද්ගලයින්ට නොමිලේ ආහාර ලබාදීමේ සිට කුලී රථ ගමන් දක්වා දිරිගැන්වීම් රැසක් ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ

කර්නාටක ප්‍රාන්තයේ පිහිටා ඇති බැංගලෝර් සැලකෙන්නේ මැතිවරණවලදී අඩු ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන ප්‍රදේශයක් ලෙසටයි.

එබැවින් හෝටල්, කුලී රථ සේවා සහ අනෙකුත් සමාගම් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව දිරිමත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.

නොමිලේ බියර්, වට්ටම් සහිත කුලී ගමන් මෙන්ම නොමිලේ සෞඛ්‍ය පරීක්‍ෂණ පවා ඇතුළත් බව සඳහන්.

ඇතැම් ආහාර අලෙවිසැල්වලට පැමිණෙන පාරිභෝගිකයින් ඡන්දය දුන් බවට සාක්ෂියක් ලෙස නොමැකෙන තීන්ත සහිත ඇඟිල්ලක් පෙන්විය යුතු බවයි පැවසෙන්නේ.

බැංගලෝරයේ ඡන්ද ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන ඡන්දදායකයන් ආකර්ෂනය කර ගැනීමේ අරමුණ සහිතව මෙම පියවර ගෙන තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »