Search

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය කිරීම, ජංගම දුරකථන භාවිතය, ආසන පටි පැළඳ නොගැනීම සහ ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් කිරීම ඇතුලු වැරදි සඳහායි මෙම දඬුවම් ලකුණු ලබාදීම සිදු කෙරෙන්නේ.

පොලිසිය අවධාරණය කළේ කිසියම් රියදුරෙකුගේ ඩිමැරිට් පොයින්ට්ස් සීමාවට ළඟා වන්නේ නම් ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවිය හැකි බවයි.

කෙසේවෙතත් මෙවර සති අන්තයේ රියදුරු වැරදි සඳහා ඩිමැරිට් පොයින්ට්ස් දෙගුණයක් ලබා දීම සෑම ප්‍රාන්තයක්ම හෝ ප්‍රදේශයක්ම එකම ආකාරයෙන් ක්‍රියා නොකරන බව සඳහන්.

නිව් සවුත් වේල්ස් සහ කැන්බරා අගනගර කලාපයේ රියදුරන් සඳහා 24 වනදා අලුයම 12.01 සිට 2024 28 ඉරිදා රාත්‍රී 11.59 දක්වා මෙලෙස දඬුවම් ලකුණු දෙගුණයක් ලබා දෙනු ඇති.

කෙසේවෙතත් බටහිර ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට දෙගුණයක් ඩිමැරිට් පොයින්ට්ස් ලබාදීම ක්‍රියාත්මක වන්නේ නැහැ.

එමෙන්ම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අදාළ නීතිය වසරේ සෑම දිනකම ක්‍රියාත්මක වන අතර මාස 12 ක කාලයක් තුළ දෙවරක් එකම වරදක් කරන රියදුරන් සඳහා පමණක් දෙගුණයක් දඬුවම් ලකුණු ලබාදීම සිදු කෙරෙනවා.

වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා, ටස්මේනියා සහ නොර්තන් ටෙරිටරි ඔවුන්ගේ මාර්ග ආරක්ෂණ උපාය මාර්ගවල කොටසක් ලෙස මෙම ක්‍රමවේදය භාවිතා කරන්නේ නැහැ.

එම අධිකරණ බල ප්‍රදේශවල ඇන්සාක් දිනය ආසන්නයේ සිදු කරන ලද රිය පැදවීමේ වැරදි සඳහා වන දඬුවම් ද වසරේ වෙනත් ඕනෑම දිනයක සිදු කරන ලද ඒවාට සමාන බව සඳහන්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »