විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කට අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාදීම 1949 වසරේ සිට ආරම්භ කර ඇති අතර සමාරම්භක වර්ෂය තුළ විවිධ ජාතීන් 35 කට වඩා වැඩි ගණනක පුද්ගලයින් 2493 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවුණා.

ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබාදීම ආරම්භ කළ කාලසීමාව තුල එම පුරවැසිභාව හිමිකරගත් ජාතීන් අතර ප්‍රධාන ජාතීන් 5ක් හඳුනාගෙන තිබුනා

ඒ අනුව ඉතාලිය, පෝලන්තය, ග්‍රීක, ජර්මානු සහ යුගෝස්ලොව එම ප්‍රධාන ජාතීන් අතර ප්‍රමුඛ වනවා.

පසුගිය 2022–23 මූල්‍ය වර්ශයට අදාළව විවිධ ජාතීන් 200කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පුද්ගලයන් 192 947ක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවට ලබාගෙන තිබීම ද විශේෂත්වයක්.

පසුගිය මූල්‍ය වර්ශයේ වැඩිම පුරවැසිභාවයක් හිමිකරගෙන ඇත්තේ ඉන්දිය ජාතිකයින් වන අතර දෙවන ස්ථානය බි්‍රතාන්‍ය සහ තෙවන ස්ථාන පිලිපීනය හිමිකරගෙන ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේකන කාර්යංශය සඳහන් කළේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »