
මෙල්බර්න් CBD හිදී ඊශ්‍රායල හිතවාදී සහ පලස්තීන හිතවාදී විරෝධතා කණ්ඩායම් දෙකක් අතර ගැටුමකින් පසු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, වෙන් වෙන්ව පැවති රැස්වීම් දෙකට 7,000ක පමණ පිරිසක් එක්ව සිටි බවයි.
ඔවුන්ගේ විරෝධතා සඳහා සංවිධායකයින් වෙනම ස්ථාන සහ මාර්ග සැලසුම් කර තිබුණ ද එක් කණ්ඩායමක විරෝධතාකරුවන් අනෙක් කණ්ඩායම වෙතට යාම හේතුවෙන් ගැටුම නිර්මාණය වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ආරක්ෂාව සහතික කිරීම සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වික්ටෝරියා පොලිසියට කණ්ඩායම් දෙක වෙන්ව තබා ගැනීමට බලය යෙදු බව සඳහන්.
අත්අඩංගුවට ගත් හයදෙනා ඇප මත නිදහස් කර ඇති අතර ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසියක් ලැබෙනු ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙල්බන්හි සතියක පමණ කාලයක් පැවති විරෝධතා ක්‍රියාකාරකම්වලින් පසුවයි අද මෙම උණුසුම් තත්වය වාර්තා වී ඇත්තේ.
පසුගිය සෙනසුරාදා, පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ කම්කරු පක්ෂ සම්මේලනයකට ද කඩා වැදී විරෝධතාවයේ නිරතවී තිබුණා.
මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා පිහිටි විශ්ව විද්‍යාල ගණනාවක ද පලස්තීන හිතවාදී කඳවුරු පිහිටුවා ඇති අතර මෙල්බන් සරසවියේ සිසුන් එහි ගොඩනැගිල්ලක් ද අත්පත් කරගෙන සිටිනවා.