ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

මෙවර ෆෙඩරල් අයවැයෙන් ද අන්තර්ජාලය තුළ ළමා ආරක්ෂාව වෙනුවෙන් වයස තහවුරු කිරීමේ තාක්ෂණය අත්හදා බැලීම සඳහා ඩොලර් මිලියන 6.5 ක මුදලක් වෙන් කරන බවයි නිවේදනය කළේ.

ළමුන්ගේ වයසට නොගැලපෙන දර්ශන සහ ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීම අවම කිරීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණයි.

නව වාර්තා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට දෙමාපියන් බලධාරීන්ට බල කරමින් සිටින බවයි.

දකුණු ඔස්ට්‍රේලියානු රජය ද වයස අවුරුදු 14 සහ 15 වයස්වල දරුවන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය සඳහා දෙමාපියන්ගේ කැමැත්ත තිබිය යුතු බවට නීතියක් යෝජනා කර තිබෙනවා.

මේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද අද පැවති මාධ්‍ය හමුවකදී මෙම යෝජිත ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් දක්වා ඇති අතර ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍යවල බලපෑම තරුණයින්ට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරන බවයි.

තම දරුවන්ට අන්තර්ජාලයට ප්‍රවේශ විය හැකි දේ ගැන දෙමාපියන් ද සැලකිලිමත් විය යුතු අතර එය මෙරට ප්‍රධාන සමාජ ප්‍රශ්නයක් බව අගමැතිවරයා සඳහන් කළා.

මේ අතර නව යොවුන් වියේ දරුවන්ගේ මොළයේ වර්ධනයට සැලකිය යුතු බලපෑමක් වයස අවුරුදු 13 ත් 17ත් අතර වයස් සීමාවේදී සිදු වන බව වික්ටෝරියා ප්‍රාන්තයේ මවුන්ට් බුලර්හි ස්නායු විද්‍යා මහාචාර්ය සෙලීනා බාර්ට්ලට් ප්‍රකාශ කළා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »