ලොව සුඛෝපබෝගී ගුවන් තොටුපළ අතරට සිඩ්නි ගුවන් තොටුපළත් එක්වෙයි

සිඩ්නි ගුවන් තොටුපළ ලෝකයේ පස්වන සුඛෝපබෝගී ගුවන් තොටුපළ ලෙස නම් කර තිබෙනවා.

බි්‍රතාන්‍ය පදනම් කර ගත් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව සිඩ්නි ගුවන් තොටුපළ ලොව පස්වන සුඛෝපබෝගී ගුවන් තොටුපළ ලෙස නම් කර තිබීම කාගේත් අවදානයට ලක්ව තිබුණා.

මෙම සමීක්ෂණය මගින් ගුවන් තොටුපළ 1800 කට අධික සංඛ්‍යාවක් විශ්ලේෂණය කර ඒවා 69 ක කෙටි ලැයිස්තුවකට ඇතුළත් කරයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.

සැලකිය යුතු මගී විවේකාගාර තිබීම සෑම ගුවන් තොටුපළක්ම එහි සාප්පු සංකීර්ණ පැවතීම ගුවන්තොටුපල අසල තරු 4 සහ 5 හෝටල් පිහිටීම යන නිර්නායක මත පදනම් ව මෙම නම් කිරීම සිදුකර තිබුණා.

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලොව සුඛෝපබෝගී ගුවන් තොටුපළ ලෙස නම් කර ඇති අතර ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

හමාඩ් ජාත්යන්තර ගුවන් තොටුපළ තෙවන ස්ථානයටත් පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළ එම ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »