ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් පුද්ගයින් 1070ක් උපයෝගී කරගනිමින් සිදුකළ අධ්‍යයනයේ දී හෙළිව ඇත්තේ මූල්‍ය ආතතිය හේතුවෙන් තම ආදරණීයන් සමග ඉක්මන් කෝපය ඇතිවෙන වාර ගනන් ඉහළ බවයි.

මෙම තත්වය සමස්ථ ඔස්ට්‍රේලියානුවන් සමග බැලීමේ දී මුල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වැඩි පිරිසක් එනම් මිලියන 10.5 ක් මෙලෙස ආදරණීයන් සමග වාද විවාද ඇති කරන බවයි.

තවද මූල්‍ය පීඩනය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට නින්ද අහිමිව ඇති බව සඳහන්.

මිලියන 3.6 ක ජනතාවක් මුදල් කරදර හේතුවෙන් වයසට වඩා මහලු පෙනුමක් ලැබීම හිසකෙස් ගැලවී යාම සහ හිසකෙස් පැසීම දැක ඇති බව එහිදි හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් හි පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් පැවසුවේ මූල්‍ය දුෂ්කරතා ඕස්ට්‍රේලියානු පවුල් ඒකක ආතතියට පත්කර ඇති බවයි.

ෆයින්ඩර් පර්යේෂණයේ දි හෙළි ව ඇත්තේ ඔස්ට්‍රේලියානු පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් දැඩි මුල්‍ය ආතතියකින් පසුවන බවයි.

 

 

 

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »