Qantas ගුවන් සේවය ලොව ආරක්ෂිතම ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට

Air New Zealand ගුවන් සේවය යළිත් වරක් ලොව ආරක්ෂිතම ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වී තිබෙනවා.

සෑම වසරකම අදාළ ශ්‍රේණිගත කිරීම් සම්පාදනය කරන AirlineRatings.com වෙබ් අඩවියට අනුවයි නවසීලන්තයේ ජාතික ගුවන් සේවය ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් (Qantas) පසු කරමින් 2024 සඳහා ද පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ.

මීට පෙර Air New Zealand 2022 වසරේදී ද ලොව ආරක්ෂිතම ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන තිබුණා.

පසුගිය 2023 වසරේ මුල් තැනට පත්වූ ඔස්ට්‍රේලියානු ගුවන් සේවය වන Qantas මෙවර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී තිබෙනවා.

වර්ජින් ඕස්ට්‍රේලියා, එතිහාඩ් එයාර්වේස් සහ කටාර් එයාර්වේස් යන ගුවන් සේවා යි පිළිවෙලින් තුන, හතර සහ පස්වන ස්ථානවලට පත්වී ඇත්තේ.

ආරක්‍ෂිත නවෝත්පාදන ක්‍රියාවලිය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ වඩාත් දියුණු ගුවන් යානා මෙන්ම Airbus A350, Boeing 787, සහ Boeing 777 වැනි නවීන ගුවන් යානා යොදා ගැනීම ඇතුලු ආරක්‍ෂිත පියවරයන් මෙම තෝරා ගැනීම්වලට පදනම් වී තිබෙනවා.

එමෙන්ම 2024 වසරට අදාළව ආරක්ෂිතම ගුවන් සේවා තීරණය කිරීම සඳහා සමීක්ෂණ කණ්ඩායම පසුගිය වසර පහ තුළ සිදුවූ බිඳවැටීම්, පසුගිය වසර දෙක තුළ වාර්තා වූ බරපතල සිදුවීම්, ගුවන් සේවා විගණන, රජයේ විගණන, ගුවන් යානාවල වයස සහ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම ඇතුළුව කාණ්ඩ කිහිපයක් ද සලකා බලනු ලැබුවා.

ප්‍රමුඛතම ගුවන් සමාගම් දෙක වන Air New Zealand සහ ක්වන්ටාස් (Qantas) අතර තරගය සමීපව පැවති අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවයේ ගුවන් යානාවල වයස හේතුවෙන් නවසීලන්ත ගුවන් සේවය පළමු තැනට පත්වූ බව සඳහන්.

ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් සේවා අතුරින් පළමු 10 දෙනා අතරට පැමිණියේ ඇලස්කා ගුවන් සේවය පමණයි.

හවායි එයාර්ලයින්ස්, ඇමරිකන් එයාර්ලයින්ස් සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ලැයිස්තුවේ අංක 21 සහ 22ට පැමිණ තිබෙනවා.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »