ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

බෑගට් එකක් කියලා කියන්නේ ප්‍රංශ සම්භවයක් තිබෙන දිගු තුනී පාන් වර්ගයක්.

පාන් හදන විදිහට සාමාන්‍ය පිටි මෝලියකින්  මේ බෑගට් හදනු ලබනවා.

සාමාන්‍ය බෑගට්ටුවක විෂ්කම්භය සෙන්ටිමීටර 5 සිට 6 ක් පමණ වෙද්දී, දිග සෙන්ටිමීටර 65 ක් විතර වෙනවා.

මේ ප්‍රංශ බේකරිකරුවන් ගිනස් ලෝක වාර්තාව තිබ්බ බෑගට් එක මීටර 140ක දිගින් යුක්තයි

මීට පෙර මෙවැනි වාර්තාවක් තබා ඇත්තේ 2019 දී ඉතාලියේ කොමෝ නගරයේ පිරිසක්. එම බෑගට් එක මීටර් 132.62 (අඩි 435) දිගින් යුක්තයි.

ප්‍රංශ බේකරිකරුවන් නිර්මාණය කරපු මේ අලුත් බෑගට් එකට අවශ්‍ය පිටි මෝලිය සකස් කිරිම ආරම්භ කර ඇත්තේ පාන්දර 03.00ට බව සදහන්.

එහෙම නිර්මාණය කරපු මේ බෑගට් එකෙන් කොටසක් ප්‍රංශ ජනතාව එක්ක බෙදාගත් මේ පිරිස තමන්ගේ ගිනස් ලෝක වාර්තාව තිබ්බ බෑගට් එකේ ඉතුරු කොටස නිවාස නොමැති ජනතාවට බෙදා දීලා තියෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »