වික්ටෝරියානු පවුල් වලට ඩොලර් 400ක දීමනාවක්

2024 ප්‍රාන්ත අයවැයෙන් පවුල්වලට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරන බව වික්ටෝරියානු අගමැතිනි ජසින්ටා ඇලන් සඳහන් කර තිබෙනවා.

ප්‍රාන්තයේ ඇස්තමේන්තුගත ඔස්ට්‍රේලියානු පවුල් ලක්ෂ 7ක් සඳහා ඩොලර් 400ක ප්‍රසාද දීමනාවක් ලබා දීමටයි යෝජනා ඉදිරිපත්ව ඇත්තේ.

ජසින්ටා ඇලන් අගමැතිනිය ලෙස ඇයගේ පළමු රාජ්‍ය අයවැය මෙවර අධීක්‍ෂණය කිරීම විශේෂත්වයක්

රාජ්‍යයේ ණය තිබියදීත් පවුල් මත ජීවන වියදම් පීඩනය සමනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම තම අරමුණ බව අමාත්‍යවරිය සඳහන් කළා.

අයවැය අභියෝගවලට එකතු වූ ගෝලීය සහ දේශීය උද්ධමන පීඩනය පිළිබඳව ඇය මෙහිදි පැහැඳිලි කර ඇති අතර මෙවර අයවැය සඳහා ප්‍රධාන ජීවන වියදම් පියවරයන් ඇතුළත් කර ඇති බව සඳහන්.

අයවැයට ඇතුළත් කර ඇති ප්‍රධාන ජීවන වියදම් පියවරයන් පිළිබඳ නිරතුරු අග්‍රාමාත්‍යවරිය අවදානයෙන් සිටින අතර විශේෂයෙන් පාසැල් ළමුන් සිටින පවුල් සඳහා මෙම දීමනාව ප්‍රමුඛවන බව ඇය වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තයෙ හි ණය 2024 ජුනි මාසයේදී ඩොලර් බිලියන 135.5 ක් සහ 2026-27 වන විට එය ඩොලර් බිලියන 177.8 ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »