ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

වසර 28ක් පුරා  වැඩිහිටියන් 92,000කට වඩා වැඩි පිරිසක් නිරීක්ෂණය කර මෙම අධ්‍යනය සිදුකර තිබුණා.

එහිදි ඔලිව් තෙල් දිනකට අවම වශයෙන් ග්‍රෑම් 7ක් භාවිත කිරීම  ඩිමෙන්ශියාව ආශ්‍රිත මරණ අවදානම සියයට 28 කින් පාලනය කරගත හැකි බව සදහන්.

(ජාමා )JAMA Network Open සඟරාව විසින් මෙම  අධ්‍යයනය සම්බන්ධ වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබුණා.

ඔලිව් තෙල් වැනි නිශ්පාදන මෙලෙස නිර්දේශ කිරීම ආහාර මාර්ගෝපදේශ ශක්තිමත් කරන අතර හෘද සෞඛ්‍යයට පමණක් නොව මොළයේ සෞඛ්‍යයටද සහාය වන බව යෝජනා කර තිබෙනවා.

මාගරින් සහ වාණිජමය මේද වර්ග වෙනුවට ස්වභාවික නිෂ්පාදනයක් වන ඔලිව් තෙල් තෝරා ගැනීම ආරක්ෂිත තේරීමක් වන අතර මාරාන්තික ඩිමෙන්ශියා අවදානම අඩු කළ හැකි බවයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »