ඔස්ට්‍රේලියානුවන් සතිපතා වැඩිම වැටුප් ලබන කර්මාන්ත නම් කෙරෙයි

ඔස්ට්‍රේලියානුවන් සති පතා වැඩි වැටුප් හිමිවන ප්‍රධාන කර්මාන්ත 10 හඳුනාගෙන තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත අනුව ඔස්ට්‍රේලියානුවන් සතියකට වැඩිම වැටුපක් හිමිකරගන්නා කර්මාන්තය පතල් කර්මාන්තය බව හෙළිව තිබුණා.

ඔස්ට්‍රේලියානු සේවකයින්ගේ සතිපතා ඉපැයිම් පිළිබඳ ඇස්තමේන්තු වාර්තා අනුව මෙම ශ්‍රේණිගතකිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පතල් ක්ශේත්‍රයේ රැකියාවල නිරත වන්නන්ගේ සතියක වැටුප සාමාන්‍යයෙන් ඩොලර් 2952ක් බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම බිලියනපතියන් වැඩි දෙනෙක් පතල් ක්ශේත්‍රය නියෝජනය කිරීම ද විශේෂත්වයක්.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන කර්මාන්තය ලෙස නම් කර ඇත්තේ Information Media කර්මාන්තයයි.

එහි සතියක වැටුප සඳහන් වන්නේ ඩොලර් 2406ක් ලෙසයි.

Professional Service සහ Financial Service එම ශ්‍රේණිගත කිරීමේ තෙවන සහ සිව්වන ස්ථානය හිමිකරගෙන ඇති අතර Electricity,gas සහ water යන ක්ශ්‍රේත ඩොලර් 2213ක සතිපතා වැටුපක් ලබමින් 5 වන ස්ථානය හිමිකරගෙන තිබුණා.

අධ්‍යාපනය කර්මාන්තය 8 වන ස්ථානයත්, Health care 9 වන ස්ථානයත්, Transport 10 වන ස්ථානයත් හිමිකර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »