
ඔස්ටේ්‍රලියාවේ විශාලම විනෝදාත්මක සංකීර්ණය වන ක්‍රවුන් ආයතනය අමෙරිකානු සමාගමකට පැවරීමේ එකගතාවයකට පැමිණ තිබෙනවා.
ඩොලර් බිලියන 8.9 ක මුදලකට එම ගණුදෙනුව සිදුකෙරෙනු ඇති.
මේ අනුව ක්‍රවුන් කොටස් ලාභීන්ට එක් කොටසක් වෙනුවෙන් ඩොලර් 13.10 ක මුදලක් හිමිවන බව සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ විශාලම කැසිනෝ ක්‍රියාකරු ලෙසද සැළකෙන ක්‍රවුන් සමූහය මෑතකාලීනව කිසියම් පසුබෑමකට ලක්ව සිටි බවයි වෙළඳපොල වාර්තාවල දැක්වුණේ.
සේවක අයිතීන් නිසි පරිදි ලබා නොදීම මෙන්ම මත්පැන් බලපත් කොන්දේසි උල්ලංඝනය වැනි චෝදනාද ඔවුන්ට එල්ල වී තිබුණා.

COMMENTS