
ඔස්ටේ්‍රලියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී අසභ්‍ය වචන භාවිත කිරීමේ චෝදනාවට අදාලව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අවවාද කර තිබෙනවා.
ඔහුට අප්‍රසාද ලකුණක්ද පිරිනැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත්තේ.
මේ අතර දෙවැනි විස්සයි විස්ස තරගයේ නියමිත වේලාවට පන්දුවාර නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට විස්සක දඩයක් නියම කර තිබෙනවා.

නායක දසුන් ශානක හා පැතුම් නිස්සංක යන ක්‍රීඩකයන් දෙදෙනාම මෙම චෝදනාවලට අදාලව වරද පිළිගෙන ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
Source : ICC

COMMENTS