Search

ශ්‍රී ලංකාවට කෑම ගන්න ඉන්දියාවෙන් ණයක් – බැසිල් ඉන්දියාවට

ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයේදී යළිත් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පැවසීය.

ඒ අනුව ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීමේ ගිවිසුමකට එහිදී අත්සන් තැබීමට නියමිත බවත් හෙතෙම පවසයි.

ජනතාවට අවශ්‍ය ආහාර හා අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම මුදල හිමිවන බවද ඇමතිවරයා පැවසීය.

මුදල් අමාත්‍යවරයා පසුගියදා සිදු කළ ඉන්දියාවේ ඉන්දියානු සංචාරය අතිශය සාර්ථක බවත් ඇමතිවරයා පැවසීය.

ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ණය පහසුකමක් ලබා ගැනීමට හැකි වූ බවත් මෙම බිලියනය එහි මුල් අදියර බවත් විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සදහන් කලේය.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »