වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

දූෂණ විරෝධී කොමිෂන් සභා වාර්තා සහ ඔම්බුඩ්ස්මන් නිර්දේශ අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි අගමැතිනි ජසින්ටා ඇලන් සඳහන් කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ වික්ටෝරියානුවන්ගේ අපේක්ෂාවන්ට අනුව ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු ලේකම්වරුන් ඉහළම ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යෑම තම අරමුණ බවයි.

ඒ අනුව අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු ලේකම්වරුන්ට කාර්තුමය වශයෙන් අදාළ දිනපොත් සාරාංශ නිකුත් කිරීමට සිදුවනු ඇති.

මේ යටතේ අමාත්‍යවරුන් තමන්ට හිමිවන ප්‍රතිලාභ සහ වාසි ප්‍රකාශයට පත්කිරීම අනිවාර්ය වන අතර තම පවුලේ සාමාජිකයින් තම අමාත්‍යංශ කාර්ය මණ්ඩලවලට ඇතුලත් කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

නව ආචාරධර්ම පද්ධතීයට පොහෝ පාර්ශව එකඟතාව පල කර ඇති අතර එමගින් දැනට පවතින දේශපාලන ප්‍රමිතීන්ගේ හිඟතාව මෙන්ම විෂමාචාරයන් පාලනය කිරීමේ හැකියාව ලැබීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »