ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා සුවිශේෂී පුද්ගලයන් 10,000කට පමණ පිරිසකට මෙවර රට පුරා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ්ට ලැබුණු මෙම අවස්ථාව ඉතිහාසගත වන්නේ ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු පුද්ගලයා ඔහු වීම හේතුවෙන්.

2023 වසරේදී තර්ෂන් සෙල්වරාජා ජනප්‍රියත්වයට පත් වූයේ ප්‍රංශයේ වාර්ෂිකව පවත්වන සාම්ප්‍රදායික බැගෙට් පාන් වර්ගය නිෂ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි නිෂ්පාදකයාට හිමි සම්මානය දිනා ගැනීමත් සමගයි.

එම ජයග්‍රහණත් සමග ඔහුට මෙවර ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ අවස්ථාව හිමිවී තිබෙනවා.

2006 වසරේදී ප්‍රථම වරට ප්‍රංශයට පැමිණ අරක්කැමියෙකු ලෙස සේවය කළ සෙල්වරාජා ඉවුම් පිහුම් සඳහා ඇති දැඩි ආශාව හේතුවෙන් බේකරි කර්මාන්තයට යොමුවී තිබුණා.

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ වාහන අනතුරුවලට ලක්වෙයි

හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථ දෙකක් ප්‍රදේශ දෙකකදී අනතුරට ලක්ව තිබෙනවා.

Read More »

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »