යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

ඊයේ පැවති මෙම තරගය අවසන් කිරීම සඳහා යුපුන් තත්පර 10යි දශම 42ක කාලයක් වාර්තා කර ඇති අතර, එය ඔහුගේ පෞද්ගලික දක්ෂතාවට වඩා වැඩි කාලය ගතවීමක්.

මෙහිදී යුපුන්ට කරට කර සටනක් දුන් දෙවැනි හා තුන්වන ස්ථාන හිමිකරගත් ක්‍රීඩකයන් දෙදෙනා පිළිවෙලින් තත්පර 10යි දශම 45ක් හා තත්පර 10 දශම 87ක් ලෙස තරගය අවසන් කළ බව සඳහන්.

යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වන අතර තත්පර 10ට අඩුවෙන් මීටර් 100 ඉසව්වක් අවසන් කළ පළමු දකුණු ආසියානු ධාවකයා ද වනවා.

ඔහු ස්විට්සර්ලන්තයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්වක් තත්පර 9යි දශම 96ක කාලයකින් අවසන් කිරීමට ද සමත්ව තිබුණා.

ආබාධ හේතුවෙන් වසරකට වැඩි කාලයක් මලල ක්‍රීඩා තරගාවලි නියෝජනය කිරීමෙන් වැළකි සිටි යුපුන්ට පසුගිය 2023 වසරේ චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලද අහිමි වුණා.

කෙසේ නමුත් මේ වනවිට ඔහු සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් සිටින බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේ මැයි මාසයෙන් පසු පළමු වරට ජාත්‍යන්තර ධාවන පථයට අවතීර්ණ වූ යුපුන් මීට සතියකට පමණ ඉහතදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට ද සහභාගි වුණා.

එහිදී ඔහු මීටර් 100 ඉසව්ව තත්පර 10යි දශම 18කින් අවසන් කර තුන්වන ස්ථානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »