තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් නොමැති ඩයනා ගමගේ වැනි මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි උන්වහන්සේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

මේ අනුව ඩයනා ගමගේට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සලකා බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව සෝභිත හිමියන් ප්‍රකාශ කළා.

මෙම මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයට යෑම කාලය හා මුදල් නාස්ති කිරීමක් බැවින් ඔවුන්ට ගෞරවාන්විතව තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

එමෙන්ම තම නියෝජිතයන් තෝරා ගැනීමේදී පක්‍ෂ නායකයින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කළා.

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »