මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැට්වියාවේ රාජ්‍ය දේශසීමා ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ නීතිවිරෝධී ලෙස රටේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

දේශසීමා ආරක්ෂකයින් විසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පැදවූ මෝටර් රථයක් නතර කර පරීක්ෂා කිරීමේදී සංචාරක ලියකියවිලි, වීසා බලපත්‍ර හෝ පදිංචි බලපත්‍ර නොමැති ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින් හය දෙනෙකු එහි ගමන් කරමින් සිටියදී සොයාගෙන තිබෙනවා.

මෝටර් රථය පැදවූ සහ ඔහුට සහාය ලබා දුන් ශ්‍රී ලාංකික පුරවැසියන් දෙදෙනා සතුව වීසා ඇතුලු බලපත්‍ර තිබුණ ද එහි ගමන් කළ අනෙක් පිරිසට කිසිදු බලපත්‍රයක් තිබී නැහැ.

මීට අමතරව එම ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය කරන පුද්ගලයින්ට සහය දුන් බවට සැකපිට තවත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු ද දේශසීමා ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

නීතිවිරෝධී ලෙස ලැට්වියාවේ පදිංචි වීමට පුද්ගලයෙකුට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම ආරම්භ කර ඇති අතර ඔවුන්ට වසර දෙකත් අටත් අතර සිර දඬුවමක් ලැබිය හැකි බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »