Day: February 7, 2022

ඇඩිලේඩ් $ 30 වවුචර ක්‍රමය නැවතත්

ඇඩිලේඩ් නගරයේ අවන්හල් – කැෆේ සහ තැබෑරුම්වල භාවිත කල හැකි ඩොලර් 30 වවුචර ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඇඩිලේඩ් CBD වෙත වැඩි වශයෙන් පුද්ගලයන් ගෙන්වා ගැනීම සඳහා වෙන් කල ඩොලර් ලක්ෂ 05 ක ප්‍රතිපාදන යටතේයි මෙම ක්‍රමය ක්‍රියාවට නැංවෙන්නේ. නගරයේ හෝටල් කාමර වෙන් කරවා ගන්නා ඕනෑම අයෙකුට මෙම වවුචර ලබාගත හැකි වනවා. මීට පෙර ක්‍රියාත්මක කල වැඩසටහනේ සාර්ථකත්වය මතයි එය යළිත් ආරම්භ කර ඇත්තේ. https://www.adelaidenow.com.au/coronavirus/covid-update-february-7-2022-backpackers-bussed-to-medihotel/news-story/5cec0dbadeaba811e0dba4dbc41f52bd

Read More »

දේශ සීමා විවෘත කිරීම හරහා සංචාරක සහ ගුවන් සේවා අංශවල ඉහළ වර්ධනයක අපේක්ෂා

තවත් දින 14 කින් ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කිරීම හරහා සංචාරක සහ ගුවන් සේවා අංශවල ඉහළ වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා. ඔස්ටේ්‍රලියානු ගුවන් තොටුපළ සංගමයේ ප්‍රධාන විධායක නිළධාරී ජේම්ස් ගුඩ්වින් පවසන්නේ මෙම තීරණය ගුවන් කර්මාන්තය මාස ගණනක් පුරා අපේක්ෂාවෙන් සිටි එකක් බවයි. කොවිඩ් මාත්‍රා 02 ක් සහිත ඕනෑම අයෙකුට වීසා කොන්දේසි සපුරාලන්නේ නම් ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවසර දෙන බව අගමැති ස්කොට් මොරිසන් අද පෙරවරුවේ නිවේදනය කලා. ජේම්ස් ගුඩ්වින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් තවමත්

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ට මානසික උපදෙස් දීමට පැය 24 කෙටි පණිවුඩ සේවාවක්

විවිධ මානසික ගැටලුවලින් පෙළෙන ඔස්ටේ්‍රලියානුවන්ට මානසික සහන උපදෙස් ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක කෙටි පණිවුඩ සේවාවක් විසින් Lifeline හඳුන්වාදී තිබෙනවා. 0477 13 11 14 අංකයට ඕනෑම අවස්ථාවක රහසිගතව තම ගැටලුව ඉදිරිපත් කල හැකියි. මූලික ප්‍රශ්න කිහිපයකින් පසු විධිමත් පුහුණුව ලත් සහන උපකාරී නිළධාරියෙකු හෝ නිළධාරිනියක වෙත අනතුරුව සම්බන්ධ කිරීම සිදුවනවා. Lifeline හි දුරකථන සහ ඔන්ලයින් ද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති. වසර 02 ක් පුරා සිදුකරන ලද සමික්ෂණයකට අනුව කෙටි පණිවුඩ සඳහා පුද්ගලන් වැඩි කැමැත්තක් පළකිරීම

Read More »
breaking

Breaking: සියලුම වීසා බලපත් හිමියන් සඳහා පෙබරවාරි 21 සිට දේශ සීමා විවෘත කරයි

සියලුම වීසා බලපත් හිමියන් සඳහා පෙබරවාරි 21 වනදා සිට දේශ සීමා විවෘත කිරීමට ඔස්ටේ්‍රලියානු ජාතික කැබිනෙට්ටුව අද තීරණය කරනු ලැබුවා. එලෙස පැමිණෙන පුද්ගලයන් කොවිඩ් මර්දන මාත්‍රා 02 ක් ලබා සිටීම අනිවාර්ය බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ. එක් එක් ප්‍රාන්තය සඳහා ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවල උපරිම සීමාවන් ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කරනු ඇති බවද අගමැතිවරයා කියාසිටියා. එමෙන්ම නිරෝධායන රෙගුලාසි සංශෝධන සහ නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් ධාරිතාවයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමද

Read More »

දෙසැම්බර් මාසයේ ඔස්ටේ්‍රලියානු සිල්ලර අලෙවි කිරීම් වාර්තාගත ඉහළයාමක

දෙසැම්බර් මාසයේ ඔස්ටේ්‍රලියානු සිල්ලර වෙළඳසැල්වල අලෙවි කිරීම් වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා. ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව ගිය වසරේ අවසාන කාර්තුවේ එහි ඉහළයාම සියයට 8.2 ක්. ඇඳුම් – පාවහන් සහ පුද්ගලික භාණ්ඩ මෙහිදී වැඩිම අලෙවියක් පෙන්නුම් කර තිබෙනවා. එමෙන්ම කැෆේ – අවන්හල් සහ ආහාර රැගෙනයාම් සඳහාද ඔස්ටේ්‍රලියානුවන් නත්තල් සමයේදී සැළකිය යුතු වියදමක් දරා ඇති බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පවසන්නේ. සැප්තැම්බර් කාර්තුවේදී සියයට 4.4 ක පහළයාමක් පෙන්නුම් කිරීමෙන් පසුවයි දෙසැම්බර් කාර්තුව මෙලෙස ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ.

Read More »