
සියලුම වීසා බලපත් හිමියන් සඳහා පෙබරවාරි 21 වනදා සිට දේශ සීමා විවෘත කිරීමට ඔස්ටේ්‍රලියානු ජාතික කැබිනෙට්ටුව අද තීරණය කරනු ලැබුවා.
එලෙස පැමිණෙන පුද්ගලයන් කොවිඩ් මර්දන මාත්‍රා 02 ක් ලබා සිටීම අනිවාර්ය බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ.
එක් එක් ප්‍රාන්තය සඳහා ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවල උපරිම සීමාවන් ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කරනු ඇති බවද අගමැතිවරයා කියාසිටියා.

එමෙන්ම නිරෝධායන රෙගුලාසි සංශෝධන සහ නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් ධාරිතාවයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමද ඔවුන්ටම පවරා තිබෙනවා.
විවිධ කරුණු මත ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මිලියන ගණනකට මෙම තීරණය හමුවේ සහන සැලසෙනු ඇති බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් සඳහන් කලේ.

එන්නත්කරණයෙන් තොරව පැමිණෙන කවරෙකු හෝ ඊට අදාළ නිසි වෛද්‍ය සාක්ෂි රැගෙන ආ යුතු බවද ඇය අවධාරණය කලා.
පසුගිය නොවැම්බර් 01 වනදා අර්ධ වශයෙන් දේශ සීමා විවෘත කිරීමෙන් පසු මේ දක්වා ලක්ෂ 03 කට ආසන්න පිරිසක් රටට පැමිණ ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණේ.
පූර්ණ එන්නත්කරණය සඳහා වන නිර්වචනය මාත්‍රා 03 ක් දක්වා ඉහළ දැමෙනු ඇති දැයි මෙම මාධ්‍ය හමුවේදී අගමැති මොරිසන්ගෙන් විමසීමක් කෙරුණා.
එවැනි තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවද අගමැති මොරිසන් කියාසිටියා.
COMMENTS