දේශ සීමා විවෘත කිරීම හරහා සංචාරක සහ ගුවන් සේවා අංශවල ඉහළ වර්ධනයක අපේක්ෂා

තවත් දින 14 කින් ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කිරීම හරහා සංචාරක සහ ගුවන් සේවා අංශවල ඉහළ වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා.

ඔස්ටේ්‍රලියානු ගුවන් තොටුපළ සංගමයේ ප්‍රධාන විධායක නිළධාරී ජේම්ස් ගුඩ්වින් පවසන්නේ මෙම තීරණය ගුවන් කර්මාන්තය මාස ගණනක් පුරා අපේක්ෂාවෙන් සිටි එකක් බවයි.

කොවිඩ් මාත්‍රා 02 ක් සහිත ඕනෑම අයෙකුට වීසා කොන්දේසි සපුරාලන්නේ නම් ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවසර දෙන බව අගමැති ස්කොට් මොරිසන් අද පෙරවරුවේ නිවේදනය කලා.

ජේම්ස් ගුඩ්වින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් තවමත් ක්‍රියාත්මක වන්නේ සියයට 15 ක මට්ටමකින් පමණක් බවයි.

ජාත්‍යන්තර සංචාරකයන් පැමිණීම හරහා දේශීය ගුවන් ගමන්වල වර්ධනයක්ද අපේක්ෂා කෙරෙන බව ඔහු වැඩිදුරටත් කියාසිටියා.

මේ අතර ක්වන්ටාස් ගුවන් සේවයද රජයේ තීරණයට ප්‍රසාදය පළකර සිටිනවා.

ඉදිරියේදී තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැළසුම් කෙරෙමින් ඇති බවයි ඔවුන් නිවේදනය කලේ.

https://www.9news.com.au/national/australias-borders-to-reopen-to-vaccinated-international-travellers-on-february-21-2022/230865da-d591-4655-9db7-c17c27e69ca3

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »