
මෙල්බර්න් CDB හි පිහිටි රථගාල ඩොලර් මිලියන 20කට වැඩි වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා.
එය වසරේ මෙතෙක් පැවති විශාලතම වාණිජ අලෙවිය සනිටුහන් කරමින් මෙලෙස දැවැන්ත මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
එකවර වාහන 700ක් පමණ කවතා තැබිය හැකි මෙම රථගාල මෙල්බන්හි පිහිටි විශාලතම රථගාලක් ලෙස ප්‍රසිද්ධයි.

මිලදී ගත් වෙළඳ සමාගම දේපලවල විකුණුම් මිල හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ අතර කර්මාන්ත ආරංචි මාර්ග හෙළි කළේ එය ඩොලර් මිලියන 20කට වඩා වැඩි මුදලකට අලෙවි කර ඇති බවයි
මෙල්බන්හි මෙම වසරේ අලෙවි වු දෙවන විශාලතම දේපල අළෙවිය මෙය වන අතර මීට පෙර සෙන් ඇන්තනීස් හි ගොඩනැගිල්ලක් ඩොලර් මිලියන 7.55 ක මුදලකට අලෙවි වී තිබුණා.
