
ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ආමන්ඩ් බ්‍රීස් (Almond Breeze) කිරි නිෂ්පාදන දැනට පවතින තොග අලෙවි කළ පසු ඔස්ට්‍රේලියාවේ වෙළඳසැල්වලින් තවදුරටත් ලබා ගත නොහැකි බවයි දැනුම්දී ඇත්තේ.
Almond Breeze හි සැපයුම්කාර පාර්ශවය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එහි නිෂ්පාදන තවදුරටත් තරඟකාරී හෝ ලාභදායී නොවන බවයි.

ආමන්ඩ් පානයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන රටවල් තම නිශ්පාදන අලෙවිය සහ බෙදා හැරීම සඳහා ඉදිරියේ දී තෝරාගන්නා බවද එහි සඳහන්.
ඔස්ට්‍රේලියාවේ පමණක් නොව නවසීලන්ත සුපිරි වෙළඳසැල්වලින් ද එම නිෂ්පාදන ඉවත් කරගන්නා බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මෙම තීරණය හේතුවෙන් පාරිභෝගිකයින්ට ඇති විය හැකි අපහසුතා සම්බන්ධයෙන් කණගාටු වන බව ද සමාගම ප්‍රකාශ කර තිබෙනවා.