
මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
බුරුලි (Buruli) ලෙස නම් කර ඇති මෙම රෝගය බැක්ටීරියා ආසාධිත මදුරුවන් දශ්ට කිරීමෙන් පසු තුවාල ලෙස වර්ධනය වන බවයි වාර්තා වන්නේ.
මෙහිදී සමේ සෛල විනාශ කරන එම බැක්ටීරියාව මගින් සමට අවශ්‍ය මේදය විනාශ කර දමන බව සඳහන්.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ Buruli රෝගීන් ගණන 363ක් වන අතර 2004 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගය මෙයයි.
පවතිණ උෂ්ණ අධික කාලගුණයත් සමග රෝග ව්‍යාප්තියේ අවධානම ඉහළ බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

උණුසුම් කාලගුණයත් සමග මදුරුවන් බෝවීම ඉහළ අගයක් ගන්නා අතර එළිමහන් ස්ථාවල ගැවසීමේ දී හැකිතාක් මදුරුවන්ට නිරාවරණය වීමෙන් වැළකී සිටීම වැදගත්.
මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට මදුරු විකර්ෂන ආලේපන භාවිත කරන්නැයි ද ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.