14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග හටගත් කුණාටුවක් අතරතුර දැන්වීම් පුවරුවක් කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්ධන පිරවුම්හලක් අසල ස්ථාපිත කර තිබූ පුවරුවක් මෙලෙස කඩා වැටී ඇති අතර සිරවී සිටින පිරිස බේරා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.

ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ පරීක්ෂක ගෞරව් චෞහාන් පැවසුවේ සුන්බුන් අතරින් මළ සිරුරු අටක් දැනටමත් ඉවත් කර ඇති බවයි.

මීටර් 70ත් 50ත් ප්‍රමාණයේ දැවැන්ත දැන්වීම් පුවරුවක් මෙලෙස කඩා වැටී ඇති අතර පුද්ගලයින් 20 ත් 30ත් අතර ප්‍රමාණයක් තවමත් සිරවී සිටින බවට සැක කෙරෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති බවයි.

සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල් සඳහා ප්‍රාන්ත රජය රුපියල් 500,000 බැගින් මූල්‍ය ආධාර ලබා දෙන බව ද ඇය සඳහන් කළා.

කුණාටුව හමුවේ මුම්බායි නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර අවම වශයෙන් ගුවන් යානා 15ක් හරවා යවා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »