
දෙසැම්බර් මාසයේ ඔස්ටේ්‍රලියානු සිල්ලර වෙළඳසැල්වල අලෙවි කිරීම් වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව ගිය වසරේ අවසාන කාර්තුවේ එහි ඉහළයාම සියයට 8.2 ක්.
ඇඳුම් – පාවහන් සහ පුද්ගලික භාණ්ඩ මෙහිදී වැඩිම අලෙවියක් පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම කැෆේ – අවන්හල් සහ ආහාර රැගෙනයාම් සඳහාද ඔස්ටේ්‍රලියානුවන් නත්තල් සමයේදී සැළකිය යුතු වියදමක් දරා ඇති බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පවසන්නේ.
සැප්තැම්බර් කාර්තුවේදී සියයට 4.4 ක පහළයාමක් පෙන්නුම් කිරීමෙන් පසුවයි දෙසැම්බර් කාර්තුව මෙලෙස ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ.
